home

Thursday, November 24, 2011

මොලයක් ඇති අයට පමණයි!




මුලු ලොවටම සරිලන නායකයෙකු තෝරාගැනීමේ හෝරාව දැන් එළැඹ තිබේ. ඒ නායකයා කවුරුන් විය හැකිදැයි තෝරනු ලබන්නේ ඔබ විසිනි. පහත දැක්වෙන්නේ එම තනතුරට නම් කර ඇති පුද්ගලයන් තිදෙනෙකි.

1
වැනි අපේක්ෂකයා:

ඉතාම වංක දේශපාලඥයන් ආශ්‍රිතව ගැවසෙන්නාවූ චරිතයකි. ඕනෑම යමක් ඇරඹීමට පෙර දෛවඥයන්ගෙන් ඒ පිළිබඳව අදහස් විමසයි. හෙතෙම අනියම් බිරියන් දෙදෙනෙකු හා සැතපෙයි. නොකඩවා දුම් පානය කරන හෙතෙම දිනකට මාටීනී විස්කි වීදුරු 8ත් 10ත් අතර ප්‍රමානයක් මුවට හලාගනියි.

2
වැනි අපේක්ෂකයා:

දෙවතාවක්, ඉතාම නින්දාශීලී අයුරින් මොහුව කාර්යාලයෙන් ඉවතට ඇද දමා ඇත. පශ්චාත් ප්‍රදේශයට හිරු එළිය වැටී පසුවදා මධ්‍යාහ්නය තෙක් නිදාගන්නට හෙතෙම ගජ හපනෙකි. පාසලෙදී අබිං කා හසුවී කිහිප වතාවක්ම දඬුවම් විඳ ඇත. දිනපතා සවසට විස්කි කාලකින් සන්තර්පණය වෙයි.

3
වැනි අපේක්ෂකයා:

ඔහු කාගෙනුත් ගරු බුහුමන්, ප්‍රශංසා ලද යුධ විරුවෙකි. මස්මාංශ අනුභවය පිළිකුල් කරයි. ඉඳහිට හෝ පාවිච්චි කරනුයේ බියර් ස්වල්පයක් පමණි. විවාහයෙන් පිට අනියම් ඇසුර තරයේ පිළිකෙව් කරයි.

හොඳයි මින් කවුද ඔබේ මනාපය? කවුද ඔබ තෝරාපත් කරනුයේ



ඔබේ මනාපය comment කරන්න

No comments:

Post a Comment