මචංලා මේක නම් ගණන් පාඩමක් වගේ එකක්. ඒ වුනාට කමක් නෑ බලන්නකෝ……. හැබැයි තේරුණේ නෑ කියලා මගෙන් එහෙම අහන්න ලෑස්ති වෙන්න එපා හොඳඳ… මටත් ගණන් බෑ.
මේක මට යාළුවෙක් කීවේ. මිනිහා හැබැයි ඇහුවේ නම් ප්‍රශ්ණයක් විදියට.
මෙන්න මෙහෙම………..
දැනට ඇම්ඩාගේ තාත්තා ඇම්ඩාට වඩා අවුරුදු 26 ක් වැඩිමහල්ය. එහෙත් තව අවුරුදු 3 කට පසු ගත්විට ඇම්ඩාගේ තාත්තාගේ වයස ඇම්ඩාගේ වයස මෙන් 13 ගුණයක් වේ.
ප්‍රශ්ණය ::: ඇම්ඩාගේ තාත්තා දැන් ඉන්නේ කොහේද ???????
අහපුවම හිතෙනවා මූට පිස්සුද කියලා නේද……?
මෙන්න එහෙනම් පොර මට හදලා පෙන්නපු විදියට උත්තරේ……
ඇම්ඩාගේ වයස = x
තාත්තාගේ වයස = y
y = x + 26
y + 3 = 13 ( x + 3 )
x + 26 + 3 = 13x + 39
12x = 29 – 39
X = – 10/12
10/12 කියන්නේ මාස 10ක් කියන එකයි (ඇයි මේ අපි කතාකරන්නේ අවුරුදු ගැන නිසා සහ අවුරුද්දකට මාස 12 ක් නිසා)
ඊට පස්සේ ඒකට ඉස්සරහින් තියන – (ඍන) ලකුණ ගැන හිතුවොත් ඇම්ඩා ඉපදෙන්න තව මාස 10ක් තියනවා කියලා අපිට හිතා ගත්තහැකි
එතකොට උඹලම හිතා ගනිල්ලකො ඇම්ඩා ඉපදෙන්න මාස 10 කට කලින් උගේ තාත්තා කරන්න ඔනෙ වැඩේ…… (මම මේවගේ ප්‍රසිද්ධ ස්ථානයක කුණුහරුප තියන්න කැමති නෑ)
ඒ අනුවම ඉන්න තැනත් හිතා ගන්න පුළුවන්නේ…………………………

No comments:
Post a Comment