home

Friday, December 30, 2011

දැන්වත් හරියට Love කරමු


මේ එක කවුරුවත් විවේචනය කරන්න දාපු එකක් නෙවෙයි.

අපේ කොල්ලො වැඩි දෙනෙක්ට ඉතින් Girl Friend කෙනෙක් ඉන්නවානේ. සිංහලෙන් ම කියනවා නම්, හැම එකාම කෑල්ලක් කරනවා නේ. එහෙම නැති එකෙක් හොයා ගන්නත් අමාරුයි.(හැබැයි මටනම් තාම, සිරාවට කරන එකක් නෑ)

සමහර උන් සිරාවට කරනවා. සමහර උන් ආතල් එකට කරනවා(ඇන්නා පැන්නා එහෙම).

මේ Thread එකෙන් ආතල් එකට කෑල්ලක් කරන එවුන්ට නම් ප්‍රයෝජනයක් නෑ. සිරාවටම කෙල්ලෙක්ට love කරන එකෙක්ට නම්, කියවලා බලන එක වටිනවා

මෙහෙමයි,, අපි ඉස්සෙල්ලම කොල්ලෝ ගැන කතා කරමු කෝ.. කොල්ලොත් ඉතින් අමුතු ජාතියක් නේ. යම් අවස්ථා වලදී, කොල්ලෙක් බල්ලෙක් ද විය හැකකියලත් කතාවක් තියෙනවා නේ.
කොල්ලො කියන්නේ කොල්ලොන්ට... උන් කරන සමහර දෙවල් වලට ජඩ වැඩ කියලත් කියන්න පුලුවන්. එහෙම නොකලොත් ඌ කොල්ලෙකුත් නෙවෙයි. ඒකට කොල්ලන්ට දොස් කියන්න බෑ. උන් පරිනාමයෙන් ම හැඩ ගැහිලා තියෙන්නේ, කොලු කම් කරන්න තමයි.

එතකොට සත්‍ය ආදාරය කියලා කියන්නේ මොකක්ද.. ඒක කාටවත් අර්ථ දක්වන්න අමාරුයි.ඒක කවුරුවත් හිතලා කරන දෙයක් නම් නෙවෙයි. නිකම්ම ඇති වෙන දෙයක්. හැබැයි ඇති උනාට පස්සේ, හිත ගිය තැන මාලිගාව තමයි. ආයෙත් වෙනස් කරන්න අමාරුයි.

වැඩේ තියෙන්නේ දැන් තමයි. අපේ සමහර කොල්ලෝ, නිකමට ඇතිවෙන ආකර්ෂනෙත් සිරා love කියලා හිතනවා නේ.ඒ ගැන නම් පරිස්සම් වෙන්න ඕන.. නැත්නම් ජීවිතේ පස්සේ කාලෙක හුගක් පසු තැවෙන්න වෙන්න පුලුවන්.

දැන් කට්ටිය කොහොමද ඔය ඇතිවෙන හැගීම, සිරාම love http://www.elakiri.com/forum/images/smilies/sq/love.gifඑකක් ද කියලා අදුරගන්නේ.. ?

මම කියන්නම්.
ඕක ඔය කියන තරම් අමාරු නෑ.
ඒකට හේතුව නම්, ආදරය කියන්නේ, උත්තරීතර හැගීමක් නෙ. සමහර වෙලාවට, විශ්වයේ තියෙන උතුම්ම හැගීම කියලත් කියන්න පුලුවන්.හැම ආගමකම උගන්වන්නෙත් එහෙම තමයි. ඉතින් මේ උත්තරිතර හැගිමට කරන්න පුලුවන් දෙවල් ගොඩයි. මේකෙන් ප්‍රදානම දේ තමයි මිනිස්සුන් ගේ සිතිවිලි වෙනස් කරන එක..

වටේ යන්නේ නැතුව මම සරලවම කියන්නම් කෝ..

හරි,
කවුරු හරි කොල්ලෙක්, සිරාවටම. මම කියන්නේ සිරාවටම, කෙල්ලෙක් ට Love කරනවා නම්. ඒ කොල්ලට වෙන කෙල්ලෙක් දිහා වැරදි(වලත්ත) අදහසකින් බලන්න, හයියක් එන්නේ නෑ.
කට්ටිය දැන් තිගැස්සෙන්න එපා
ඒක එහෙම තමයි.ඇයි කියලා මම කියන්නම්.

අපි කලින් කිව්වා වගේ, කොල්ලෝ කියන්නේ කොල්ලොන්ට. කොලු කම් නොකලොත් උන්ගෙන් වැඩකුත් නෑ.. දකින දකින කෙල්ලන්ට පෙරනවා, පැනි Talkකක් දීලා Set කරගන්න බලනවා. සමහර එවුන් ඉන්නවා, උන්ට අක්කද, ඇන්ටිද කියලත් අදාලත්වයක් නෑ,ඕන දේ කරගන්නවා.
කොල්ලොන් ගේ හැටි එහෙම තමයි. මම එකේ වැරැද්දක් දකින්නේ නෑ.

හැබැයි,,
ඔය Love කියන එකට, මෙහෙම කොල්ලන් ගේ සැබෑ වෙනසක් කරන්න පුලුවන්. ආදරය කියන එක, එච්චරට ශක්තිමත්.(මම කියන්නේ සිරා Love එක ගැන හොදේ)
තමන් අදාරය කරන කෙල්ලට, දුක හිතෙන, රිදවෙන කිසිම දෙයක් කරන්න, සිරා Love එකක් හිතේ තියෙන කොල්ලෙක්ට බෑ.

පොඩ්ඩක් හිතලා බලන්න.
තමන් කරන දේවල් කෙල්ල දැනගත්තොත්, කොච්චර දුක හිතෙයි ද ?
උඹ කෑලි දෙක තුනක් ම කරනවා වෙන්න පුලුවන්. උන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම ගන්නවා වෙන්න පුලුවන්.හැබැයි, දැන් උඹ කියන්න එපා උඹ සිරාවටම ත් එකක් කරනවා කියලා. උඹට ඒ කෙල්ලත්, තව එක්කෙනෙක් විතරයි.
උඹ ඒ කෙල්ලට සිරාවටම Love කරනවා නම්, උඹට සිතුවිල්ලකින් වත් ඒ කෙල්ලට වංචා කරන්න බෑ. මොකද ආදරය කියන්නෙත් සිතුවිල්ලක් නිසා..
සිතුවිල්ලකින් උඹ ආදරය කරන කෙල්ලට රිද්දන්න, උඹ තව කෙල්ලෙක් එක්ක නිදාගන්න ඕනේ නෑ. ඒ ගැන සිහින මැව්වත් ඇති. උඹ හිතන දෙවල් කෙල්ල දැනගන්නේ නැති බව ඇත්ත. ඒත්, උඹ, උඹේ කෙල්ලට සිරාවටම ආදරේ නම්, එහෙම දේවල් ගැන සිහින මවන්නවත්, උඹේ හිතෙන් උඹට ඉඩ දෙන්නේ නෑ. ඒකට තමා සිරා Love එකක් කියන්නේ.

උඹ Porn Movie එකක් බලනවා වෙන්න පුලුවන්. ඒකේ ඉන්න තිබුනා නම් කියලා, සිහින මවනවා වෙන්න පුලුවන්,,
පොඩ්ඩක් හිතලා බලපන්, උඹෙ Love එක සිරා එකක් නම්, උඹට එහෙම සිහින මවන්න උඹෙ හිත ඉඩ දෙයිද ?
උඹට ඒ වගේ රාගික හැගීමක් එයි ද ?
උඹ කියයි, "මගේ කෙල්ල මම ඒ විදිහේ චිත්රපටි බලනවා කියලා දන්නවා. එයාගේ අකමැත්තක් නෑ කියලා". උඹෙ කෙල්ල උඹට එහෙම කියන්නේ, උඹට තියෙන බය නිසා.
හිතලා බලපන්. උඹෙ කෙල්ල ඒක බලලා, එතන ඉන්න සිහින මවනවා කියලා. උඹ කැමතිද ඒකට ?
උඹ, උඹෙ කෙල්ලව බෙදා ගන්න කැමත් නෑ වගේම තමයි, කෙල්ලත් උඹ වෙන කෙල්ලෙක් දිහා රාගික හැගීමකින් බලනවට වත් කැමති නෑ.
උඹෙ Love එක සිරා එකක් නම්, උඹෙ හිත මේ දේවල් අදුර ගන්නවා. සිතුවිල්ලකින් වත් කෙල්ලට වංචා කරන්න දෙන්නේ නෑ.
සමහර කොල්ලොන්ට එක එක දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම් නැති කරලා දාන්නත් මේ අපුරු හැගීමට පුලුවන්.

අපි සාමන්යයෙන් Marry කරන්නෙත් සිරාවටම Love කරන කෙල්ලවනේ. ඒක හින්දා, සිරාවටම Love කරන කෙල්ලව තෝර ගන්න එක හරිම වැදගත්.(මොකද, සිරා Love එකක් කියන්නේ අපි උවමනාවෙන් කරන දෙයක් නොව, ඉබේ ඇතිවන දෙයක් නිසා)

තම එකෙක් කියයි, "මම මේ වලත්තකම් කරන්නේ බදිනකං විතරයි, ඊට පස්සේ ඔක්කොම නවත්වනවාකියලා. ඒවා ගැලවෙන්න කියන බොරු කතන්දර විතරයි. උඹෙ හිතේ තියෙන සිරා Love එක, දැන් උඹට වල්කම් කරන්න ඉඩ දෙනවා නම්, බැන්දා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. වෙන්නේ, උඹ වෙන එවුන් එක්ක දිගටම යනකොට, උඹ අර සිරාවටම Love කරා කියලා කියපු කෙල්ලගේ ජීවිතේ විනාස වෙන එක විතරයි.

මේක කියවලා, කවුරුවත් තමන්ගේ කෙල්ලව නම්, අතහරින්න එපා.

හොදට කල්පනා කරලා බලපන්. උඹ, උඹෙ කෙල්ලට, උඹෙ හිතින් හරි ද්‍රෝහි වෙනවද කියලා(වලක් බැලීමත් සෑහේ). ඒ දේවල් ගැන හිතනකොට, උඹට උඹ ගැනම පිලිකුලක් ඇතිවෙනවා නම්, උඹ, උඹේ කෙල්ලට සිරාවටම අදාරය කරන්න පටන් ගන්නවා වෙන්න පුලුවන්.
ඒත් ඒ ආදරය, උඹෙ හිත ඇතුලේ පැල් පැදියම් කරන්න නම්, කලින් උඹ ගැන පිලිකුලක් දැනුනු කරුනු වලින්, වැලකී සිටිය යුතුමය. එතකොට උඹට සිරා Love එකක් කියන්නේ කියලා තේරුම් යයි.
උඹ, උඹෙ කෙල්ලට, සිතුවිල්ලකින්වත් වරදක් කරන එකක් නෑ.. ඒක තමයි, සිරා Love එක.
කාටවත් පේන්න නොව, තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් කැපවීම.

මේ ගැන ඔබගේ අදහස්ද කියන්න.

ඇම්ඩන් කතා – පිම්ම



ඔන්න ඉතින් මේ කතාව උනේ ඇම්ඩන්ගෙ ඉස්කෝලෙ ස්පොර්ට් මීට් එකක් තියෙන කාලෙක. ඇම්ඩනුත් ඉතින් හරි හරියට තරඟ වලට ඉදිරිපත් වෙනවලු. ඇම්ඩන්ගෙ පන්තියෙ මිස් එහෙමත් ඇවිත් තරඟ වලට ලමයි පුරුදු කරනවලු. ඇම්ඩන්ගෙ මිස් හිටියේ දුර පනින තරඟ පුරුදු කරන තැන. ඔන්න ඉතින් ඇම්ඩත් හිමින් සැරේ එතෙන්ට ගිහින් ඔලුව දාලා එහෙම සීන් එක බලන් ඉන්නවලු. ඇම්ඩත් නිකන් ඉන්නේ නැතුව මිස්ට වැඩ පෙන්නන්න ඕනේ කියල හිතාගෙන දුර පනින වැඩේට සෙට් වෙලා පිම්මක් එහෙම පැන්නලු ම්හුහු! වැඩේ හරි ගියෙ නෑලු! මිස්ටත් ඉතින් දැන් මලපැනල ලු. ඇයි, එකෙක්වත් හරියට පනින්නෙ නෑනෙ! මිස් ඇම්ඩට කිව්වලු ඇම්ඩන් ගිහින් දුර පනින තැන හරියට හදන්න මම පෙන්නන්නම් පනින විදිහකියල. ඇම්ඩ්ත් දුවල ගිහින් වැලි ටික එහෙම ගානට හදල දෙකට නැවිලා බලාගෙන ඉන්නවලු මිස් පනිනකන්. මිසුත් ඉතින් සාරිය එහෙම හොඳට උස්සගෙන එකසිය ගානට දුවගෙන ඇවිත් පැන්නලු පිම්මක් අනිත් කෙලවරටම යන්න. පැනලා ඉවරවෙලා ඇම්ඩගෙන් ඇහුවලු කොහොමද ඇම්ඩන් මගේ පිම්ම?” ඇම්ඩන් කියනවලු පිම්ම නම් වැඩක් නැ මිස් ඒත් ????නම් මරු