සුපිරි කතා
දවසින් දවස අලුත් වන ශෝකය සතුව සිනහව ආදරය පිරී ඇති මෙය ඔබේම රසවින්දනය සදහායි
Tuesday, January 17, 2012
ආදරය යනු කුමක්ද? ප්රිශ්ණය , පිලිතුරු
කලා සිසුවා
ආදරය යනු මිනිස් චෛතසිකයේ ඇති වන අතිශයින්ම විචිත්‍රවත් වූ හැගීමකි. කාලිදාසගේ යුගයේ සිට අද දක්වා කවියන්/ලේඛකයන් ආදරය නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට උත්සාහ දැරූ නමුත් මේ වන තෙක් එය නිවැරදිව විග්‍රහ කිරීමට සමත් වූවෙකු නොමැත.විරහව උපදින්නේ ආදරය බිදී යාමෙනි.
ඉංජිනේරු සිසුවා
පිරිමියෙකුගේ හැගීම් ශ්‍රීතය සහ ගැහැණියගේ හැගීම් ශ්‍රීතය ඡේදනය වූ විට ආදරය ඇති වේ.මෙහි අගය 0 සිට අනන්තය දක්වා විචලනය විය හැකි අතර විටක අර්ථ දැක්විය හැකි නොවේ. අනුකලනය අවකලනය ත්‍රිකෝණමිතිය හෝ ජ්‍යාමිතික සූත්‍ර භාවිතා කර ආදරය පැහැදිලි කල නොහැක,වඩා සරළ පැහැදිලි කිරීමක් සදහා පහත පියවර අනුගමනය කරන්න
වෛද්‍ය සිසුවා
ස්ත්‍රීයක් සහ පුරුෂයෙකු අතර ඇති වන සම්බන්ධයක් නිසා හදවතේ ඇති වන අසාමාන්‍ය තත්වයකි. මෙම අසාමාන්‍ය තත්වය බොහෝ විට ඉතා යහපත් වූවත් මෙය දෙදෙනාටම හෝ එක් අයෙකුට මාරාන්තික වීමේ හැකියාවක්ද පවතී.
රෝග ආකාරය :
• ඒකපාර්ශවීය
• ද්වීපාර්ශවීය
වයස් සීමාව: නව යොවුන් තරුණ තරුණියන් අතර සුලභ වූවත් වයස අවුරුදු 10 සිට 100 දක්වා ඕනෑම වයස් කාණ්ඩයක අයට වැලදිය හැකියි
රෝග ලක්‍ෂණ :
• ආතතිය
• දවල් සිහින දැකීම
• නින් ද නොයෑම
• දුරකතන ඇබ්බැහිය
• බොලද වීම
• ඇස් වලින් නිතරම කදුලු ගලා යාම
රෝග විනිශ්චය :
• Mobile Phone පරීක්‍ෂාව
• වත්පොත්(Facebook) Profile පරීක්‍ෂාව
ප්‍රථිකාර :
• පියාගේ සපත්තු ප්‍රථිප්‍රේම ප්‍රථිකාරය
• මවගේ සෙරෙප්පු ප්‍රථිප්‍රේම ප්‍රථිකාරය
වාණිජ සිසුවා
දෙදෙනෙකු අතර ඇති කර ගන්නා වූ දෙපාර්ශවයටම ලාභ පාඩු සමසේ බෙදෙන හවුල් ව්‍යාපාරයකි. නමුත් එක් පාර්ශවයක අන්තනෝමතික ක්‍රියා කලාප හේතුවෙන් හෝ එක් පාර්ශවයක ඉල්ලුමට අනූව අනෙක් පාර්ශවයේ සැපයුම නොමැති කල්හි හෝ ව්‍යාපාරය බංකොලොත් වීමේ අවධානමක් පවතී.
Monday, January 16, 2012
පිවිතුරු ආදරයේ චමත්කාරය
තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky !
•උදේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ඇහැ ඇරුනද මගේ පැටියෝ'' කියල මේ ලෝකේ ඔයා අහන්න ආසම කට හඬින් ඇහෙද්දී දැනෙන සතුට.
•දුකක්, තනිකමක් හෝ ලෙඩ වෙලා ඇඳට වෙලා පාලුවෙන් ඉඳිද්දී මේ ලෝකේ දැනෙන්න ආසම ඒ උණුසුමට ගුලිවෙලා ඉන්න තියෙනම් කියල හිතෙනවා.
•පුංචි පුංචි රණ්ඩු වෙලා ''ආයෙත් මම ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නෑ'' කියල call එක cut කරලත් පාරින් පාරට mobile phone එක අතට අරන් missed call එකක් හරි sms එකක් හරි තියෙනවද කියල බලනවා.
•මහ රෑ නින්ඳෙන් ඇහැ ඇරිලා හදිසියේම ආදරේ කරන කෙනාට call කරල උදේ පාන්දර වෙනකම් ඒ call එක දිගු වෙනවා.
•ලොකු රණ්ඩුවක් වෙලා, අවසානයේ ''sorry මගෙ පැටියෝ'' කියලත් ඉවර වෙලා නැවතත් ඒ රණ්ඩුවට හේතු වුනේ කවුද කියල තර්ක කරනවා.
•ආදරේ කරන කෙනාට දුරකතන ඇමතුමක් අරගනිද්දී ''call waiting'' වුනාම හිතට පුංචි දුකක්, පුංචි තරහක් දැනෙනවා.
•ආදරෙන් එවපු sms නැවත නැවත කියවනවා, තනියම හිනා වෙනවා.
•දින කිහිපයක් මුණ නොගැසී හිඳ එකවරම ලබන සෙනසුරාදා මුණ ගැසීමට පුලුවන් කිවහොත් එදා වනතුරු හරි හැටි කෑමක් නෑ, නින්ඳක් නෑ.
අද වෙනකොට අපිට නිතරම වගේ ඇහෙන්නේ ''ආදරය හිත් රිදුම් දෙන දෙයක් පමණයි, ආදරය කියන්නේ බොරුවක්, මායාවක්'' කියන දේ. ඒත් ඒ ආදරය නෙවෙයි. ඒ වැරදි දෙදෙනෙක් වැරදි මොහොතක හමුවීමේ ප්‍රතිඵලයක් පමණයි. අවංක ආදරය යනු මේ ලොව ඇති සුන්ඳරම දේවල් වලින් එකක්. එය සදහටම විඳින්න ඔයාටත් පුළුවන් වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
Thursday, January 12, 2012
ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්
12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.
11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.
10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් ඇති දැනේ.
09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.
08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.
06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.
05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.
04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.
03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.
02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.
01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි
11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.
10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් ඇති දැනේ.
09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.
08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.
06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.
05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.
04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.
03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.
02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.
01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි
තේරුම්ගන්න...
තේරුම්ගන්න...
තේරුම්ගන්න, ඔබට යමෙකුගෙන් ආදරය බලෙන් ලබාගත නොහැකියි. කල හැක්කේ ආදරණීය අයෙකු වීම පමණයි. ඉතිරිය ඔවුන් සතුයි.
තේරුම්ගන්න, ඔබ අන් අයගැන සිතා ක්‍රියා කරන තරමටම ඒ අයගෙන් සමහරක් පෙරළා ඔබ ගැන නොසිතනු ඇත.
තේරුම්ගන්න, ඔබට යමෙකුගේ විශ්වාසය දිනා ගැනීමට වසර ගණනක් ගතවිය හැක. එහෙත් ඒ විශ්වාසය බිඳ දැමීමට ඔබට ගත වනුයේ සුළු මොහොතක් පමණයි.
තේරුම්ගන්න, ඔබ ඔබගේ මිතුරන්ට කොතරම් ආදරය කරා වුවද ඉඳහිට ඔවුන් ඔබව රිද්දනු ඇත. එවිට ඔවුනට සමාව දී මිතුරුදම රැක ගන්න.
තේරුම්ගන්න, ඔබේ ජීවිතය තුළ වැදගත් වනුයේ, ඇත්තේ මොනවාද යන්න නොව වැදගත් වනුයේ ඇත්තේ කවුරුන් ද යන්නයි.
තේරුම්ගන්න, ඔබ ඔබගේ ප්‍රියයන්ගෙන් වෙන්ව යන සැමවිටම ආදරණීය පුද්ගලයෙකු ලෙස සතුටු සිතින් වෙන්වන්න. මන්ඳ ඒ ඔබ, ඔහු හෝ ඇය දකින අවසන් අවස්ථාව විය හැකි බැවිනි.
තේරුම්ගන්න, ඔබ කරන සෑම ක්‍රියාවකටම වගකීම ඔබ සතුය. ඉන් ඔබට දැනෙන හැඟීම කුමක් වුවත් එය එසේමය.
තේරුම්ගන්න, ඔබ ඔබගේ මිතුරන් සමඟ එක්වී යමක් කලා හෝ නොකලා හෝ ඔවුන් සමඟ ඔබ ගත කරන කාලය, ජීවිතයේ ඔබ ගත කරන සුන්ඳරම කාලයන් ගෙන් එකක් බව.
තේරුම්ගන්න, ඔබ ජීවිතයේ වැටුණු අවස්ථාවක ඔබට පහර දේ යැයි ඔබ සිතූ කෙනා ඔබ නොසිතූ ලෙස ඒ වැටුණු අවස්ථාවෙන් ඔබව ඉහළට ඔසවා තබන කෙනාම විය හැක.
තේරුම්ගන්න, ඔබ ජීවිතයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙකු කරනුයේ ඔබ ලද අත්දැකීම් සහ ඔබ ඒවායෙන් ලද පාඩම් මිස, ඔබ සමරා ඇති උපන් දින සංඛ්‍යාව නොවන බව.
තේරුම්ගන්න, ඔබ කරන ලද වැරැද්දකට ඔබට අන් අයගෙන් කොතරම් සමාව ලැබුනද ඔබට ඔබගේ හෘද්‍යය සාක්‍ෂියට සමාව දිය නොහැකිනම් ඔවුන් ගෙන් ලද සමාවෙන් ඵලක් නොවනු ඇත.
තේරුම්ගන්න, ඔබගේ හදවත බිඳී ඔබ කොතරම් හඬා වැලපුනද ලෝකය නොනැවතී තම ගමන කරගෙන යනු ඇත.
තේරුම්ගන්න, ඔබගේ උත්සාහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකු වන අතර ඔබගේ ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි.
Friday, December 30, 2011
දැන්වත් හරියට Love කරමු
මේ එක කවුරුවත් විවේචනය කරන්න දාපු එකක් නෙවෙයි.
අපේ කොල්ලො වැඩි දෙනෙක්ට ඉතින් Girl Friend කෙනෙක් ඉන්නවානේ. සිංහලෙන් ම කියනවා නම්, හැම එකාම කෑල්ලක් කරනවා නේ. එහෙම නැති එකෙක් හොයා ගන්නත් අමාරුයි.(හැබැයි මටනම් තාම, සිරාවට කරන එකක් නෑ)
සමහර උන් සිරාවට කරනවා. සමහර උන් ආතල් එකට කරනවා(ඇන්නා පැන්නා එහෙම).
මේ Thread එකෙන් ආතල් එකට කෑල්ලක් කරන එවුන්ට නම් ප්‍රයෝජනයක් නෑ. සිරාවටම කෙල්ලෙක්ට love කරන එකෙක්ට නම්, කියවලා බලන එක වටිනවා…
මෙහෙමයි,, අපි ඉස්සෙල්ලම කොල්ලෝ ගැන කතා කරමු කෝ.. කොල්ලොත් ඉතින් අමුතු ජාතියක් නේ. “යම් අවස්ථා වලදී, කොල්ලෙක් බල්ලෙක් ද විය හැක” කියලත් කතාවක් තියෙනවා නේ.
කොල්ලො කියන්නේ කොල්ලොන්ට... උන් කරන සමහර දෙවල් වලට ජඩ වැඩ කියලත් කියන්න පුලුවන්. එහෙම නොකලොත් ඌ කොල්ලෙකුත් නෙවෙයි. ඒකට කොල්ලන්ට දොස් කියන්න බෑ. උන් පරිනාමයෙන් ම හැඩ ගැහිලා තියෙන්නේ, කොලු කම් කරන්න තමයි.
එතකොට සත්‍ය ආදාරය කියලා කියන්නේ මොකක්ද.. ඒක කාටවත් අර්ථ දක්වන්න අමාරුයි.ඒක කවුරුවත් හිතලා කරන දෙයක් නම් නෙවෙයි. නිකම්ම ඇති වෙන දෙයක්. හැබැයි ඇති උනාට පස්සේ, හිත ගිය තැන මාලිගාව තමයි. ආයෙත් වෙනස් කරන්න අමාරුයි.
වැඩේ තියෙන්නේ දැන් තමයි. අපේ සමහර කොල්ලෝ, නිකමට ඇතිවෙන ආකර්ෂනෙත් සිරා love කියලා හිතනවා නේ.ඒ ගැන නම් පරිස්සම් වෙන්න ඕන.. නැත්නම් ජීවිතේ පස්සේ කාලෙක හුගක් පසු තැවෙන්න වෙන්න පුලුවන්.
දැන් කට්ටිය කොහොමද ඔය ඇතිවෙන හැගීම, සිරාම love
මම කියන්නම්.
ඕක ඔය කියන තරම් අමාරු නෑ.
ඒකට හේතුව නම්, ආදරය කියන්නේ, උත්තරීතර හැගීමක් නෙ. සමහර වෙලාවට, විශ්වයේ තියෙන උතුම්ම හැගීම කියලත් කියන්න පුලුවන්.හැම ආගමකම උගන්වන්නෙත් එහෙම තමයි. ඉතින් මේ උත්තරිතර හැගිමට කරන්න පුලුවන් දෙවල් ගොඩයි. මේකෙන් ප්‍රදානම දේ තමයි මිනිස්සුන් ගේ සිතිවිලි වෙනස් කරන එක..
වටේ යන්නේ නැතුව මම සරලවම කියන්නම් කෝ..
හරි,
කවුරු හරි කොල්ලෙක්, සිරාවටම. මම කියන්නේ සිරාවටම, කෙල්ලෙක් ට Love කරනවා නම්. ඒ කොල්ලට වෙන කෙල්ලෙක් දිහා වැරදි(වලත්ත) අදහසකින් බලන්න, හයියක් එන්නේ නෑ.
කට්ටිය දැන් තිගැස්සෙන්න එපා
ඒක එහෙම තමයි.ඇයි කියලා මම කියන්නම්.
අපි කලින් කිව්වා වගේ, කොල්ලෝ කියන්නේ කොල්ලොන්ට. කොලු කම් නොකලොත් උන්ගෙන් වැඩකුත් නෑ.. දකින දකින කෙල්ලන්ට පෙරනවා, පැනි Talkකක් දීලා Set කරගන්න බලනවා. සමහර එවුන් ඉන්නවා, උන්ට අක්කද, ඇන්ටිද කියලත් අදාලත්වයක් නෑ,ඕන දේ කරගන්නවා.
කොල්ලොන් ගේ හැටි එහෙම තමයි. මම එකේ වැරැද්දක් දකින්නේ නෑ.
හැබැයි,,
ඔය Love කියන එකට, මෙහෙම කොල්ලන් ගේ සැබෑ වෙනසක් කරන්න පුලුවන්. ආදරය කියන එක, එච්චරට ශක්තිමත්.(මම කියන්නේ සිරා Love එක ගැන හොදේ)
තමන් අදාරය කරන කෙල්ලට, දුක හිතෙන, රිදවෙන කිසිම දෙයක් කරන්න, සිරා Love එකක් හිතේ තියෙන කොල්ලෙක්ට බෑ.
පොඩ්ඩක් හිතලා බලන්න.
තමන් කරන දේවල් කෙල්ල දැනගත්තොත්, කොච්චර දුක හිතෙයි ද ?
උඹ කෑලි දෙක තුනක් ම කරනවා වෙන්න පුලුවන්. උන්ගෙන් ගන්න තියෙන ආතල් ඔක්කොම ගන්නවා වෙන්න පුලුවන්.හැබැයි, දැන් උඹ කියන්න එපා උඹ සිරාවටම ත් එකක් කරනවා කියලා. උඹට ඒ කෙල්ලත්, තව එක්කෙනෙක් විතරයි.
උඹ ඒ කෙල්ලට සිරාවටම Love කරනවා නම්, උඹට සිතුවිල්ලකින් වත් ඒ කෙල්ලට වංචා කරන්න බෑ. මොකද ආදරය කියන්නෙත් සිතුවිල්ලක් නිසා..
සිතුවිල්ලකින් උඹ ආදරය කරන කෙල්ලට රිද්දන්න, උඹ තව කෙල්ලෙක් එක්ක නිදාගන්න ඕනේ නෑ. ඒ ගැන සිහින මැව්වත් ඇති. උඹ හිතන දෙවල් කෙල්ල දැනගන්නේ නැති බව ඇත්ත. ඒත්, උඹ, උඹේ කෙල්ලට සිරාවටම ආදරේ නම්, එහෙම දේවල් ගැන සිහින මවන්නවත්, උඹේ හිතෙන් උඹට ඉඩ දෙන්නේ නෑ. ඒකට තමා සිරා Love එකක් කියන්නේ.
උඹ Porn Movie එකක් බලනවා වෙන්න පුලුවන්. ඒකේ ඉන්න තිබුනා නම් කියලා, සිහින මවනවා වෙන්න පුලුවන්,,
පොඩ්ඩක් හිතලා බලපන්, උඹෙ Love එක සිරා එකක් නම්, උඹට එහෙම සිහින මවන්න උඹෙ හිත ඉඩ දෙයිද ?
උඹට ඒ වගේ රාගික හැගීමක් එයි ද ?
උඹ කියයි, "මගේ කෙල්ල මම ඒ විදිහේ චිත්රපටි බලනවා කියලා දන්නවා. එයාගේ අකමැත්තක් නෑ කියලා". උඹෙ කෙල්ල උඹට එහෙම කියන්නේ, උඹට තියෙන බය නිසා.
හිතලා බලපන්. උඹෙ කෙල්ල ඒක බලලා, එතන ඉන්න සිහින මවනවා කියලා. උඹ කැමතිද ඒකට ?
උඹ, උඹෙ කෙල්ලව බෙදා ගන්න කැමත් නෑ වගේම තමයි, කෙල්ලත් උඹ වෙන කෙල්ලෙක් දිහා රාගික හැගීමකින් බලනවට වත් කැමති නෑ.
උඹෙ Love එක සිරා එකක් නම්, උඹෙ හිත මේ දේවල් අදුර ගන්නවා. සිතුවිල්ලකින් වත් කෙල්ලට වංචා කරන්න දෙන්නේ නෑ.
සමහර කොල්ලොන්ට එක එක දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම් නැති කරලා දාන්නත් මේ අපුරු හැගීමට පුලුවන්.
අපි සාමන්යයෙන් Marry කරන්නෙත් සිරාවටම Love කරන කෙල්ලවනේ. ඒක හින්දා, සිරාවටම Love කරන කෙල්ලව තෝර ගන්න එක හරිම වැදගත්.(මොකද, සිරා Love එකක් කියන්නේ අපි උවමනාවෙන් කරන දෙයක් නොව, ඉබේ ඇතිවන දෙයක් නිසා)
තම එකෙක් කියයි, "මම මේ වලත්තකම් කරන්නේ බදිනකං විතරයි, ඊට පස්සේ ඔක්කොම නවත්වනවා” කියලා. ඒවා ගැලවෙන්න කියන බොරු කතන්දර විතරයි. උඹෙ හිතේ තියෙන සිරා Love එක, දැන් උඹට වල්කම් කරන්න ඉඩ දෙනවා නම්, බැන්දා කියලා වෙනසක් වෙන්නෙත් නෑ. වෙන්නේ, උඹ වෙන එවුන් එක්ක දිගටම යනකොට, උඹ අර සිරාවටම Love කරා කියලා කියපු කෙල්ලගේ ජීවිතේ විනාස වෙන එක විතරයි.
මේක කියවලා, කවුරුවත් තමන්ගේ කෙල්ලව නම්, අතහරින්න එපා.
හොදට කල්පනා කරලා බලපන්. උඹ, උඹෙ කෙල්ලට, උඹෙ හිතින් හරි ද්‍රෝහි වෙනවද කියලා(වලක් බැලීමත් සෑහේ). ඒ දේවල් ගැන හිතනකොට, උඹට උඹ ගැනම පිලිකුලක් ඇතිවෙනවා නම්, උඹ, උඹේ කෙල්ලට සිරාවටම අදාරය කරන්න පටන් ගන්නවා වෙන්න පුලුවන්.
ඒත් ඒ ආදරය, උඹෙ හිත ඇතුලේ පැල් පැදියම් කරන්න නම්, කලින් උඹ ගැන පිලිකුලක් දැනුනු කරුනු වලින්, වැලකී සිටිය යුතුමය. එතකොට උඹට සිරා Love එකක් කියන්නේ කියලා තේරුම් යයි.
උඹ, උඹෙ කෙල්ලට, සිතුවිල්ලකින්වත් වරදක් කරන එකක් නෑ.. ඒක තමයි, සිරා Love එක.
කාටවත් පේන්න නොව, තමන් ආදරය කරන කෙනාගේ සතුට වෙනුවෙන් කැපවීම.
මේ ගැන ඔබගේ අදහස්ද කියන්න.
Subscribe to:
Posts (Atom)



