home

Wednesday, November 30, 2011

ඇම්ඩගෙන් අම්මට බබෙක්...



ඇම්ඩා කරපු මොකක් හරි අලුගුත්තේරු වැඩකට පංති බාර ටීචර් කිව්ව හෙට එනකොට අම්මත් එක්ක එන්ඩ කියල, ඉතිං , පහුවදා ඇම්ඩගෙ අම්මත් ආව ඇම්ඩ එක්කම, අම්ම ටිකක් අමාරුවෙන් ආවෙ මොකද ගර්භනී, ඒ කිව්වෙ බබෙක්..... හරිද?

ඇම්ඩන් අම්මගෙ බඩ පෙන්නල ටීචර් ට කිව්ව "මැඩම්, මේකත් මගෙ වැඩක් තමයි, හරිද?" කියල, ටීචර් අන්දුන් කුන්දුන් උනා, මේ මොකක්ද මේ කතාව කියලා, එක්කම අම්මත් කියාපි"අනේ, ඔව් මැඩම් , මේකා කිව්වට අහන්නෙම නැහැ නෙව, වතාවක් මුගෙ අප්පට අහුවෙලා හොඳටම තඩි බෑවා, ඒත් මූ හදන්ඩ බැහැ" කියලා,

ටීචර්ට දැන්නම් උතුර දකුණ මාරුවෙලා, ඒ අස්සෙ ඇම්ඩත් එතනම් ඉන්නව අම්මගෙ බඩ අත ගගා, ටීචර් ඒ පාර බොහොම අමාරුවෙන් ඌව එතනින් යවල කාරිය අම්මව පුටුවක වාඩි කරවල එහෙම කිට්ටු උනා විස්තරේ අහගන්ඩ,

ලොකු අය විතරක් ඉතිරි ටික බලන්න...හී...හී..හී...

"
දැං ඇම්ඩන්ලයෙ අම්මෙ, මොකක්ද අර ඔහෙගෙ බඩ පෙන්නල ඇම්ඩන් කියාපු කතාවෙ තේරුම?, මේ, .... මේ,...... මේකත් මගෙ වැඩක්ය කියාල, "

"
ඒකනෙව මැඩම් කියන්නෙ, මේ ඇම්ඩන් මහ වසවර්තියා නෙව" මනුස්සයා ටීචර් දිහාවට නැවිල රහසිං කිව්ව "අපේ එක්කෙනා ඔය කොපු ..... මැඩම් දන්නවනෙ අර..... අර....කොපු" ඔව් ඔව් මම දන්නව, ඉතිං, ටීචර් නොඉවසිල්ලෙන් කිව්වා,"අපේ එක්කෙනා කොපු ගෙනත් හංගන තැන බලා ඉඳල, මේ ඇම්ඩන් කරන්නෙ එව්වයෙ අග කපල දාන එක, ඉතිං හදිස්සියට ඔව්ව හොය හොය ඉන්ඩ පුලුවන් කාටද, එව්වයෙ ප්‍රතිඵල තමයි මේ,"ඇම්ඩන්ගෙ අම්මා බඩ අතගාන ගමන් කිව්වා,

Monday, November 28, 2011

හිනා කතා 2

නඩුව

මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද''

විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා.''

මහේස්ත්‍රාත් වරයා- ඊට පස්සේ

විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''

-------------------------------------------------------------------------------------------------------------

ආදරය

බිරිද- ''හා.. නේ මෙයා කන්තොරැ යන්න ලැස්ති වෙලා හොරාවගේ එලියට බැස්සට කොන්ඩෙවත් පිරල නෑ. ෂා.. බලන්නකො ටයිගැටෙවත් දාගෙන නෑනේ හරියට, කො.. ඉන්නකො මන් ඔක හදනකල්...''

සැමියා- ''හැබැවටම ඔයා ඔහොම කිව්වහමයි මතක් උනේ අද පඩි දවසනේ..''

-------------------------------------------------------------------------------------------------------------

එකට එක

බිරිද- ''අන්න ඔයාගෙ තරහකාරයා කාර් එකක් අරන් උට රිදෙන්නත් එක්ක ඔයත් ගන්න කාර් එකක්.අත අරින්න එපා මිනිහ කරන හැම එකම ඔයත් කරන්න පස්සට යන්න එපා''

සැමියා- ''ඔව් ඔව් එහෙම තමා මාත් හිතාන් ඉන්නේ, මිනිහ ලගදිම ගෑනියකුත් ගෙනව කියල ආරංචියි.''
මනමාලිගෙ ඇදුම

විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.


''
අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''

මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

''
එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''

දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න...


ඔන්න ඉතිං අපේ අම්ඩන් අයාලෙ යන එක වැඩි උන හින්ද ඇම්ඩන්ගෙ තාත්ත කල්පනා කලා මූව බන්දලා දෙන්න ඔනෙ කියල.

ඔන්න හොද කෑල්ලක් හොයල බැන්දයි කියමුකො, ඒත් ඉතිං අපේ ඇම්ඩට හනිමුන් දවසේ හෝටලේදි කරපු ටික විතරයි ගෙදර ආවට පස්සෙ මුකුත්ම කර ගන්න බැරි උනා හැම දාම වැඩේට සෙට් වෙද්දි තාත්ත පෙරේතයෙක් වගේ දොර අස්සෙන් ජනේලෙන්, අ‍හරෙන් මෙහෙන් බලාගෙන ඉන්නව.

ඉතිං ඔහොම ටික දවසක් ගත උනා ඇම්ඩගෙ තාත්තත් කල්පනා කලා කොහොමද මූට නොදැනෙන්න මේක බලන්නෙ කියල ඇම්ඩන්ගෙ තාත්තගෙ ටිකිරි මොලේට ආව හොද අදහසක්, නැග්ග වහලෙට පොඩ්ඩක් අයින් කලා උලු කැටයක් දාගත්ත ඇහැ ඇතුලට, දැන් බලන් ඉන්නව

ඔන්න ඇම්ඩත් වටපිට බැලුව අද තාත්ත පේන්න නෑ වැහුව දොර නැග්ග ඇදටඇම්ඩට මෝල් වැඩි කමටම මෙහෙම කියවුනා

"
අද නම් මොකෙක්වත් නෑ දෙන්නම් අද ව‍හලෙ උලු ගැලවෙන්න".... කියල වහලෙ උඩ හිටපු තාත්ත බය උනා වහලෙ උලු ගැලවුනොත් මිනිහට එක පාරටම "හෝව් හෝව් පුතේ පොඩ්ඩක් හිටපන් මම බිමට පහිනක්ම්" කියවුනා

ටියුබ් ලයිට්...


ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

"
මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.