home

Friday, November 11, 2011

ලෝක පූජිත ආදර කතා

මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ.

ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ නෑ.උදාහරණෙකට ගමු සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, දෙව්දාස් පාරෝ වගේ ආදර කතා කවදාවත් විවාහයකින් කෙලවර වෙලා නෑ.

අන්න ඒ නිසයි ඒ ආදර කතා අදටත් ලෝක පූජිත ආදර කතා කියලා කවුරුත් කියන්නේ.

බොහෝමයක් ආදරවන්තියෝ තමන්ගේ ආදරවන්තයාව කෝමහරි කසාද බඳින්න පොළබවා ගන්නවා. එතකොට වෙන්නේ දෙවි කෙනෙක්ට තමන්ගේ දේවත්වය අහිමි උනා වගේ දෙයක්. තමන්ට ලෝක පූජිත ආදර කතාවක හිමිකාරයා/ හිමිකාරිය වෙන්න බැරුව යනවා.

ඒ නිසා මම නම් කියන්නේ ආදරේ කළාට කමක් නෑ. කවදාවත් කසාඳ බඳින්න එපා. කසාද බැන්දම කවදාවත් ලෝක පූජිත වෙන්න බැරුව යනවා. දැන් ඉතින් කසාද බැදලා ඉන්න කට්ටිය බඩ පපුව පිච්චිලා යන තරමට හූල්ලන්න එපා. ලෝක පූජිත වෙන්නත් වාසනාවකුයි කර්ම ශක්තියකුයි තියෙන්න ඕනේ.

දැන් ආදරේ කරන කට්ටියට තමන් කවදාහරි ලෝක පූජිත ආදරවන්තයෙක්/වන්තියක් වෙන්න හිතේ කොනක හරි අදහසක් තියෙනවා නම් කසාද බඳින එක හිතෙන් අයින් කරලා දාගන්න

No comments:

Post a Comment