මේ සිද්දිය වෙලා දැනට අවුරුදු හතරක් විතර ඇති. එදා වාට්ටුව ටිකක් නිදහස්. දවල් දෙක හමාරට තුනට විතර ඇති, ඔන්න වේගෙන් ආපු ත්‍රී විලර් එකක් අපේ වාට්ටුව ලඟ නැවැත්තුව. ඒකෙ ඇරන් ඇවිත් හිටියෙ අවුරුදු දාසයක් දාහතක් විතර වයස කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. මුන් දෙන්න මොකක්ද ආදර හුටපටයකට වහ බීල. කෙල්ලව ගෑණු වාට්ටුවට යවල, කොල්ලව ඇඳකට අරන් අපි ලහි ලහියෙ මුගෙ ජීවිතේ බේරගන්න දැඟලුව. මිනිහ අවසිහියෙන් වගේ හිටපු හින්ද කටින් ලොකු බටයක් ආමාශයට දාල වතුරෙන් බඩ සෝදල දාන්න සිද්දවුනා ( Gastric Lavage ). ඒ අතරෙ මෙයාලව එක්කන් ආපු රන්චුව මුන් දෙන්න බීපු වහ බෝතලේ හොයාගෙන ආව. හ්ම්..නරක නෑ බීල තියෙන්නෙ "පැ******", ඒව බීපු කිසිම කෙනෙක් මෙතෙක් මේ ලෝකෙ බත් කන්න ඉතුරුවෙලා නම් නෑ. තේ හැන්දකින් තුනෙන් එකක් ඇති වැඩිහිටි පිරිමි කෙනෙක්ගෙ ජීවිතේ නැතිවෙන්න.
මේව බීවම බඩේ ආන්ත්‍රික යුෂත් එක්ක එකතුවෙලා කොළ පාටක් ගන්නව. කොල්ලගෙ බඩෙන් සෝදල දාපු වතුරත් කොළ පාටයි..ම්..ම්..ඒත් මගෙ අත්දැකීමෙන් මට නිකන් සැකයක් වාගෙ හිතුන මොකද ඒව කොළ පාටට තෙල් වගේ ඇදෙන සුලු ගතියකුත් තිබුන නිසා. ඒත් සමහර විට ආමාශයෙ සෙවෙල( ශ්ලේශ්මල/ Mucus )ගතිය පිටට ඇවිත්ද කියලත් හිතුන.කොහොම හරි පැයකට විතර පස්සෙ කොලුවට හොඳට සිහිය ආව. අපි අනුමාන කළා මූ නම් බීල තියෙන්නෙ පැ****** නෙවෙයි කියල.
ඔය අතරෙ මම ගැහැණු වාට්ටුව පැත්තෙ ගියා වහ කේස් එකේ අනික් පුරුක බලන්න. මම යනකොට ඒ අසරණ ළමයගෙ හුස්ම ටික ගිහින්, දරඳඩු වෙච්ච සිරුර පරවුන මලක් වගේ ඇඳක් උඩ දාල තිබුන. ජීවිතය බේරගන්න දඟලපු කාර්ය මණ්ඩලයෙත් මූණු මැළවෙලා ගිහින්...ඇත්ත පැ****** හරිම දරුණුයි, ඉස්සෙල්ල කීව වගේ චුට්ටක් ඇඟට ගියොත් ඉවරයි.
දැන් ඔයාලට ඇතිවෙච්චි ප්‍රශ්නෙ මටත් ආව..කොල්ල බේරිල කෙල්ල මැරුනෙ කොහොමද? මම අපේ වාට්ටුවට ආපහු එනකොට මෙන්න අපේ කොලුව ඇඳ උඩ ඉඳගෙන හෙම ඉන්නව. මම ගිහාම මිනිහ අහනව "අරයට කොහොමද?" කියල..මම ඒකට උත්තර නොදී
"තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.

No comments:
Post a Comment